ඉන්දියාව සමග පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා වන නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා.
කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුලත්. ටෙස්ට් සංචිතය සඳහා පළමුවරට ක්යිල් ජෙම්සන් කැදවා ඇති අතර ආබාධයක් හේතුවෙන් තරග රැසක් අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ද සංචිතයට නම් කර තිබෙනවා. ඔහු සමග නෙයිල් වෑග්නර් සහ ටිම් සවුති නවසීලන්ත වේගපන්දු බල ඇණිය ශක්තිමත් කරනු ඇති. අවසන් වරට ශ්‍රී ලංකා තරග සංචාරයේදී කණ්ඩායම නියොජනය කළ දගපන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් ද සංචිතය සඳහා කැඳවා ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙසට් තරගාවලියේ පළමු තරගය ලබන 21වනදා වෙලින්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/xxx.jpg”]