fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොටඩම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව ගේල් මොන්ෆිල්ස්ට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 16:17

රොටඩම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රංශයේ ගේල් මොන්ෆිල්ස් සමත් වුණා. ඔහු මෙම ශූරතාව දිනාගත්තේ අඛණ්ඩව දෙවන වරටයි.

රොටඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ප්‍රංශයේ ගේල් මොන්ෆිල්ස් සහ කැනඩාවේ ෆෙලික්ස් ඕගර්  අතරයි. මොන්ෆිල්ස් තරගයේ පළමු වටය  ලකුණු 6 ට2ක් ලෙස ජය ගත්තා. දෙවන වටයේදී මොන්ෆිල්ස්ට යම් අභියෝගයක් එල්ල කිරීමට ෆෙලික්ස් සමත් වුණා. මොන්ෆිල්ස් දෙවන වටය ජයගත්තේ ලකුණු 6 ට 4 ක් ලෙසයි. ඒ අනුව වට 2 ට 0 ක් ලෙස තරගයේ ජය හිමි කරගත්  මොන්ෆිල්ස් රොටඩම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 16:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්