fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම දේශපාලනයේ නව ගමනක ආරම්භය බව මහජන නියෝජිතයන් පවසයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 13:02

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම දේශපාලනයේ නව ගමනක ආරම්භය බව මහජන නියෝජිතයන් පවසයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම මෙරට දේශපාලනයේ නව ගමනක ආරම්භය බව මහජන නියෝජිතයන් පවසනවා. මෙය දේශපාලනයේ යහපත් ප්‍රවණතාවයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචිය සදහා මැතිවරණ කොමිසමට අයදුම්පත් ඊයේ භාරදුන්නා. එම නව සන්ධානයේ නායකයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. සන්ධානයේ නව සලකුණ වන්නේ නෙළුම් පොහොට්ටුවයි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් පක්ෂ රැසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ. මෙම නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් මෙන්ම විවිධ පාර්ශ්ව අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්