කොරෝනා හෙවත් COVID-19 වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 98 ක්. ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිත බව විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කරනවා.
කොරෝනා වෛරසය චීනය තුළ ආසාදිත වූ සංඛ්‍යාව මේ වන විට හැත්තෑ දෙදහස් හාරසිය තිස් හයක්. ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1807 ක් පමණ වනවා. චීනයේ ආසාදිතයන් 12000 ක් පමණ මේ වන විට සුවය ලබා සිටිනවා.කෙසේ වෙතත් එරට සෞඛ්‍ය කණ්ඩායම් දැඩි සෞඛ්‍ය අවදානමකට මුහුණපා සිටින බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය කණ්ඩායම්වලට අයත් 3019 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. COVID-19 වෛරසයෙන් මිය ගිය අයගෙන් වැඩි පිරිස වයස්ගත වූවන්. වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන් මරණයට පත්වීමේ ප්‍රතිශතය 14.8% . වයස අවුරුදු 09 සිට 39 දක්වා COVID-19 මරණ ප්‍රතිශතය 0.2% ක් තරම් අවම අගයක පවතිනවා. වැඩි වශයෙන් මරණයට පත් වන්නේ වැඩිහිටි පිරිමි පුද්ගලයන් වීම විශේෂත්වයක්.
මේ අතර ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 3700 දෙනාගෙන් 450 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සම්බන්ධීකරණය සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන් සමඟ ඔවුන් නිරන්තරයෙන් කතා බහ කරන බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.