නියගය හේතුවෙන් විදුලිය නිශ්පාදනයෙන් සියයට හැත්තෑ හතරක් ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
සමස්ථ විදුලිය නිශ්පාදනය ගිගාවොට් 38.4යි 6ක් වන අතර නියගය හේතුවෙන් ජල විදුලිය නිශ්පාදනය සියයට 23.1ක් දක්වා පහත බැස තිබෙනවා. ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසීම ඊට හේතුවයි. ඒ අනුව ප්‍රධාන විදුලිබල පද්ධතියට සැපයෙන සමස්ථ විදුලිබල ප්‍රමාණයෙන් සියයට 74. 9යි 2ක් ජනනය කරන්නේ ඩීසල් හා ගල්අගුරු තාප බලාගාර මගිනුයි. එම ක්‍රියාව මිල අධික වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.