යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීමේ තීරණය පදනම් විරහිත බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසනවා. එම තීරණයට දැඩි විරෝධය පළකරන බවයි ඔවුන් පවසන්නේ. ඒකපාර්ශ්වික සහ අත්තනෝමතික මෙම තීරණය ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර පාලනයට ඇගිලි ගැසීමක් බවයි එම සංසදය අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_Rjz6bBGJzM&feature=youtu.be&fbclid=IwAR1oQcUYbOpdg_Djk-mlQrbx1LG0Bo_LnDKFXYXCXOasySN_cyyDenjMN-4″]
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ඇමෙරිකා තීරණයට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළකළා. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලෙයිනා පී ටෙප්ලිස්ට් මහත්මිය ද විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විරෝධය පළ කිරීම මෙන්ම එය යළි සලකා බලන ලෙස දැනුම් දුන්නා. එමෙන්ම ඇමෙරිකා කොංග්රස් මණ්ඩල නියෝජිතයන් වෙත ද විරෝධය පළකිරීමට අමාත්‍යවරයා කටයුතු කළා. ජ්‍යෙෂ්ඨත්වය මත මෙන්ම ඔහුට එරෙහිව ඔප්පු කළ කිසිඳු චෝදනාවක් නොතිබීම යන පදනම යටතේයි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කෙරුණේ. ඇමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විරෝධය පළකරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=N0qlTwlzLsM&feature=youtu.be&fbclid=IwAR1a1jtN2Fvdz-zYl9GfUTAUMxyUB_Fv7zrZiFkXzXxlJX9SqyZ83hOQ-bw”]
.