fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙවන පුහුණු තරගය අනිද්දා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 11:37

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙවන පුහුණු තරගය අනිද්දා

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පුහුණු තරගය අනිද්දා කටුනායක හලාවත මේරියන්ස් ක‍්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු පුහුණු එක්දින තරගය කඩුලු 02කින් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුනා. පීසරා ඕවල් ක‍්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 04ක් අවසානයේ  සියලු දෙනා දැවි ලකුනු 282ක් රැස් කළා.  පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 03ක් අවසානයේ කඩුලු 08ක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා. එම තරගයේදී උපුල් තරංග සහ අසේල ගුණරත්නගේ විශිෂ්ඨ පිතිහරඹය කැපිපෙනුනා. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 22 වනදා කොළඹ එස්එස්සී ක‍්‍රිඩාංගනයේදී  පැවැත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 තරග 02 ක් ද පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 11:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්