fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විසිවන වරටත් පැවති ජාත්‍යන්තර පාසල් මළළ ක‍්‍රීඩා තරගාවලියේ ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 09:44

විසිවන වරටත් පැවති ජාත්‍යන්තර පාසල් මළළ ක‍්‍රීඩා තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වුනා. ඔවුන් එම ශුරතාව දිනා ගත්තේ 12වන වරටයි.

දින තුනක් පුරා ජාත්‍යන්තර පාසල් මළල ක‍්‍රීඩා තරගාවලිය සුගතදාස ක‍්‍රීඩාංගනය්දී පැවැත්වුණා. එහිදි රන්පදක්කම් 39ක්,රිදි පදක්කම් 30 ක් සහ ලෝකඩ පදක්කම් 23ක් දිනාගැනිමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්වුණා. රාජගිරිය ගේට්වේ පාසල අනුශුරතාව දිනා ගත්තා. තුන්වන ස්ථානය හිමි කර ගත්තේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. මීටර් සියය ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිට වූ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශෙලින්ඩා ජැන්සන් දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ වත්තල ලයිසියම් පාසලේ සදුන් කුමාරයි. මෙම අවස්ථාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්