බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඇතුලු 3 දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ අද පෙනී සිටියා. ඒ අධිකරණ නියෝගයක් තිබියදී ඊට පටහැනිව ක්‍රියා කරමින් අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.
මෙම නඩුව මැයි මස 13 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළා. ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය කඩ කළ බවටයි ඥානසාර ස්වාමීන්වහන්සේ ඇතුලු 3 දෙනාට චෝදනා එල්ල වී ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ස්කන්ධරාජා මහත්මිය පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/Nana-sara.jpg”]