කැරළිකරුවන් යටතේ පැවති සිරියාවේ ඇලෙප්පෝ නගරය එරට හමුදා තම පාලනයට ගෙන තිබෙනවා.
රුසියාවේ ද සහාය ඇතිවයි මෙම නගරය සිරියා හමුදා තම පාලනයට ගෙන තිබෙන්නේ. මෙම මෙහෙයුමට රුසියා ගුවන් ප්රහාර වැඩි වශයෙන් යොදාගෙන තිබෙනවා. එම ජයග්රහණය සමරමින් දහස් ගණන් ජනතාව වීථිවලට එක්රැස්ව සිටියා. ඔවුන් ප්රීතිඝෝෂා නගමින් ජනාධිපති බෂාර් අල් අසාද්ට ප්රසාදය පළ කළ බවයි වාර්තා වන්නේ.