fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොරි චැසිවලට බස් බොඩි ගැසූ බස් රථ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 16:12

ලොරි චැසිවලට බස් බොඩි ගැසූ බස් රථ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙවැනි බස් රථ මහජනතාවට හිංසාවක් බවයි අමාත්‍යවරයා පවසන්නේ. තිස්සමහාරාම රාජපක්‍ෂ මාවත හරහා අඟුණකොළවැව දක්වා නව බස් රථයක් ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමරවීර මහතා මේ බව සඳහන් කළේ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ වසර තුළ නව බස් රථ 500 ක් ගෙන්වීම සඳහා මේ වන විටත් ඇණවුම් කර ඇති බවයි. පහත් පතුල් සහිත බස් රථ දෙදහසක් මිලදී ගැනීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්