අහුංගල්ල බලපිටිය ප්රදේශයේදී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි අහුංගල්ල පොලීසිය ප්රකාශ කළේ. සිද්ධියෙන් තුවාල ලැබූවේ එම ප්රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මේ වනවිට ප්රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් හෙළිකරගෙන නැහැ.