ටෙලෝ සංවිධානයේ 50 වන සංවත්සර උත්සවය අතරතුර ඇතිවූ ගැටුමකින් එක් අයෙකුට තුවාල
Related Articles
ටෙලෝ සංවිධානයේ 50 වන සංවත්සර උත්සවය අතරතුර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වව්නියාව පොලිසිය පවසන්නේ.
ටෙලෝ සංවිධානයේ 50 වන සංවත්සර උත්සවය පැවැත්වුණේ වව්නියාව නගර සභා ශාලාවේදීයි. ඒ එම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි සෙල්වම් අඩෙයික්කලනාදන් මහතාගේ ප්රධානත්වයෙන්. ඔහු සභාව අමතමින් සිටි අවස්ථාවේයි ගැටුම හට ගැනුණේ. කළහකාරී ලෙස හැසිරුණු දෙදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.