fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සමඟ 20-20 තරගාවලියේ ජය එංගලන්තයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 09:46

දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති තරග 03කින් යුත් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන තරගයෙන් එංගලන්තය කඩුලු 05ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරිමත් සමඟයි.

සෙන්චූරියන්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කන්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 222ක් රැස් කළා. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 35යි. ඩේවිඩ් මිලර් නොදැවි ලකුණු 35ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කන්ඩායම පන්දුවාර 19යි පන්දු එකක්  අවසනයේදී කඩුලු 05ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ජොනි බෙයාර්ස්ටව් ලකුණු 64ක් සහ ඉයන් මොර්ගන් නොදැවි ලකුණු 57ක් ඉනිමට එක් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2020 09:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්