ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිල විපුලසාර ස්වාමීන්වහන්සේට කළුතර දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමුණා. ඊට අදාළ සන්නස් පත්‍රය උන්වහන්සේට පිලිගැන්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා.
කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය ගෞරව නාමය සහිත කළුතර දිස්ත්‍රිකක්යේ හා බෙන්තර වලල්ලාවිට ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය කොක්කාවිල විපුලසාර ස්වාමීන්වහන්සේට ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ පූන්යෝත්සවය ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේදී පැවැත්වුණා. සන්නස් පත්‍රය උන්වහන්සේට පිලිගැන්වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහාසංඝරත්නයද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විශාල පිරිසක්ද එම උත්සවයට එක්ව සිටියා.