ජනපති කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක
Related Articles
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස මෙය ඉදිකෙරෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු ජාතික නීති සම්මේලනයේදී කොළඹ වරාය නගර සැළැස්ම කෙරෙහි අවධානය යොමු කෙරුණා. කොළඹ වරාය නගරයේ ගොඩ කිරීම් සහ යටිතල පහසුකම් සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 1.4 ක්. ගොඩනැලිලි සංකීර්ණ වෙනුවෙන් තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 15 ක් වැය කෙරෙනවා. නව භූමියට අදාළව සැකසූ නීති කෙටුම්පත් විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කර තිබෙනවා.
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂ ආර්ථික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා. සේවාවන් උදෙස් වූ ප්‍රථම විශේෂ ආර්ථික සේවා කලාපය මෙයයි. ගොඩනැගිලි ඉදිකිරීම් මෙම වසරේ ආරම්භ කිරීමට නියමිත අතර පළමු අදියර 2023 වසරේ අවසන් කිරීම සැළසුමයි.