fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විජය කුමාරණතුංගයන්ගේ 32 වන ගුණසැමරුම අද

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 16:57

සිනමාව දික්විජය කළ මානව හිතවාදී සොදුරු මිනිසා,  විජය කුමාරණතුංගයන් ඝාතනය කර වසර 32 ක් සපිරෙනවා.

1945 වසරේ ඔක්තෝබර් 9 වනදා මෙලොව එළිය දුටු විජය කුමාරණතුංගයන් 1967 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයත් සමග රංගන ජීවිතය ආරම්භ කළා. එතැන් පටන් හෙළ සිනමාවේ නිම් වළලු පුළුල් කළ විජය සම්මාන රැසක හිමිකරුවෙකු බවට පත්වුණා.

රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ලෙසත් 80 දශකයේ රසිකයින් අතර විජය ජනප්‍රියත්වයට පත්වුණා.

දශක 3ක් මෙරට පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කිරීමට විජය කැප වුණේ තම ජීවිතය ද පරදුවට තබමින්. එල්ටීටීඊය සමග සාකච්ඡා කිරීමට ඔහු යාපනයට ගිය ගමන එහිදී විශේෂ වනවා. දකුණේ පමණක් නොව උතුරේ තරුණ තරුණියන් ද විජය දෑතින් වැළඳ ගත්තා. සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්වන තෙක්ම විජය ජනතාවට බෙහෙවින් ආදරය කළා. ඒ නිසාම ඔහු අදටත් ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් තුළ ජීවත් වනවා.

මානව හිතවාදී විජය කුමාරණතුංගයන්ගේ 32 වන ගුණසැමරුම වෙනුවෙන් පිංකම් මාලාවක් සීදූව ප්‍රදේශයේදී පැවැත්වුණා. සීදූව 18 කණුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරණතුංග පිළිරුව අභියස පැවති ආගමික වතාවත්වලට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 16:57

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්