විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට ඒ මහතා අමාත්‍ය ධුරය දරණ කාලයේ භාවිත කළ නිවස ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරණ තෙක් එම නිවස ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍ය ධුරය දරණ කාලයේ භාවිත කළ කොළඹ 07 විජේරාම නිවසේ නිල නිවස ඉදිරියටත් ඒ මහතාගේ භාවිතය වෙනුවෙන් ලබා දෙනු ඇති.
පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට විශාල කාර්ය භාරයක් පැවරී ඇති බැවින් ඔහුට රජයේ නිල නිවසක් භාවිත කිරීමේ හිමිකමද පවතිනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/gayantha.jpg”]