ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය අසලට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ලවී තිබෙනවා.
ඉන් සිදුුවු හානි පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ. අධි ආරක්ෂිත කළාපයට එල්ලවු ප්‍රහාර ගණන නිශ්චිතව කිව නොහැකි බවයි ඇමරිකා ආරක්ෂක අංශ පවසන්නේ. ප්‍රහාරය එල්ල කළේ කව්රුන්ද යන්න පිළිබදවත් තහවුරු වී නැති බව වාර්තා වනවා.
මෙම අධි ආරක්ෂිත කළාපයට බටහිර රටවලට අයත් තානාපති කාර්යාල කිහිපයක් සහ රජයේ කාර්යාල ද ඇතුලත්. ජනාධිපති කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම පාර්ලිමේන්තුව ද මේ ආශි‍්‍රතව පවතින බවයි ඉරාක මාධ්‍ය වාර්තා සදහන් කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/iraq-1.jpg”]