ඉන්දියාවේ මෑතකදී සම්මත කරගත් පුරවැසි පනතට එරෙහිව දහස් ගණනක ජනතාවක් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වනවා.
උර්දු ජාතික කවියෙකු වන ෆායිස් අහමඩ් ෆායිස්ගේ හම් දේකේංගේ ජනප්‍රිය කවිය හඬගගා ප්‍රකාශ කරමින් ජනතාව උද්ඝෝෂණයේ නිරත වන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමක් ද දැකගැනීමට ලැබුණා. මුම්බායි නගරයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. උද්ඝෝෂකයන් සඳහන් කරන්නේ මෑතකදී සම්මත කරගත් පුරවැසි පනත වහා ඉල්ලා අස්කරගත යුතු බවයි. මෙම පනත මඟින් බංග්ලාදේශය , පාකිස්ථානය , ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් ඉන්දියාවට සංක්‍රමණික වී සිටින මුස්ලිම් නොවන ජන කොට්ඨාසවලට ඉන්දීය පුරවැසි භාවය පිරිනැමීම සිදු කෙරෙනවා.