fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත්ගේ නායකත්වයෙන් පිහිටුවන සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 12:51

සජිත්ගේ නායකත්වයෙන් පිහිටුවන සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාව හෙට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ වාර්තාවක් හෙට දිනයේදී ලබා දීමට නියමිතව තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන නව සන්ධානයේ ලකුණ සම්බන්ධව පසුගිය දින කිහිපයේම එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබුණා. අලියා, හදවත සහ හංසයා යන ලකුණු සම්බන්ධයෙන් එම පක්ෂය නියෝජනය කරන දේශපාලඥයන්ගේ කැමැත්ත පළවී තිබුන ද ඒ සම්බන්ධ එකගතාවයකට එළඹීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ. මේ හේතුව මත නව සන්ධානයේ ලකුණ සම්බන්ධව දිගින් දිගමට මතුවූ ගැටලු සම්බන්ධව සැලකිල්ලට ගනිමින් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ කරුණු වාර්තා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ නීතීඥ කණ්ඩායමකට භාර දෙනු ලැබුවා. එහි වාර්තාවයි හෙට දිනයේදී ලබා දීමට නියමිතව ඇත්තේ. එජාප අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් ද අදහස් පළකලා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්