ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාභාරයට ගෙන තිබෙනවා.
ඉන්දීය ධීවරයන් 11 දෙනා සමඟ ට්‍රෝලර් යාත්‍රා 3ක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව නිවේදනය කළේ. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවීම වැළැක්වීම සහ ජාවාරම් මැඩලීම වෙනුවෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. අනලතිව් දූපතට ආසන්න ප්‍රදේශයකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණා. ධීවරයන් පිරිස වෛද්‍ය පරික්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයා වෙත භාර දීමට නියමිතයි.