fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස් ලබා ගැනිමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:53

පානදුර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගැනිමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කහවත්ත ප‍්‍රදේශයේ සිදුකළ වැටලිමකින්. උඩවලව ප‍්‍රදේශයේ සිට ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබු දැව තොගයක් අත්අඩංගුවට ගෙන එය මුදා හැරිම සදහායි පොලිස් සැරයන්වරයා රුපියල් විසි පන් දහසක අල්ලසක් ඉල්ලා තිබෙන්නේ. ඉන් දොලොස් දහස් පන්සිය මුදලක් ලබාගෙන දැව තොගය නිදහස් කර තිබෙනවා.

ඉතිරි රුපියල් දොලොස් දහස් පන්සියක මුදල ඊයේ (15) ලබා ගැනිමට උත්සාහ කිරිමේදි අල්ලස් කොමිසමේ නිලධාරින් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (16) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo