fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID-19 වෛරසය  ආසාදනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:26

කොවිඩ් නයින්ටීන් වෛරසය  ආසාදනයෙන් මියගිය ගණන 1600 ඉක්මවා තිබෙනවා.

ඒ ඊයේ (15) දිනය තුළ පමණක් හුබෙයි පළාතෙන් වාර්තාවූ මරණ 139 ක් ද සමඟින්. දිනපතා 1500 කට වැඩි නව ආසාදිතයින් පිරිසක් හදුනා ගන්නා බවයි චීනය ප‍්‍රකාශ කළේ. වෛරසය ආසාදනය වී ඇති සම්පූර්ණ සංඛ්‍යාව හැට අට දහස ඉක්මවනවා. සිඝ‍්‍ර ව්‍යප්තියක් පෙන්වන නව කොරෝනා වෛරසය රටවල් විසි පහකට වැඩි සංඛ්‍යාවකට ව්‍යප්ත වි ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ.

මේ අතර වෛරසය ආසාදනයෙන් යුරෝපයේ සිදුවු පළමු මරණය ප‍්‍රංශයෙන් වාර්තා වුණා. අසූ හැවිරිදි චීන ජාතික කාන්තාවක් මෙලෙස ප‍්‍රංශයේ දී මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්