fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 09:11

දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තානයේ සිදු කිරිමට යෝජිත තිබු තරග සංචාරය අවලංගු කිරීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා ක්‍රිඩකයින්ගේ කාර්යබහුල තරග කාලසටහන හේතුවෙන්.

ලබන මාසයේදී ඔවුන් ඉන්දියාවේ ද තරග සංචාරයක නිරත වන බැවින් යෝජිත පාකිස්තාන සංචාරය අවලංගු කිරිමටයි දකුණු අප්‍රිකාව පියවර ගෙන ඇත්තේ. අදාළ පාකිස්තාන සංචාරය මාර්තු මාසයේදී සිදු කිරිමට යෝජිතව තිබුණේ පන්දුවාර 20-20 තරග තුනක් ක්‍රිඩා කිරිම සඳහායි. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම සංචාරය සිදු කිරිම සම්බන්ධයෙන් යළි සලකා බලන බව ද දකුණු අප්‍රිකාව සඳහන් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2020 09:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්