fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයින්දමරුදු බලප‍්‍රදේශයට නව නගර සභාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 16:16

සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නගර සභාවක් ලෙස නම්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි මෙම පියවර ගෙන ඇත්තේ.

මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියේ ආ  / ඇ / ඈ යන උප වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි  රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන්නේ.

එම ගැසට් නිවේදනයට අනුව සයින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කල්මුනේ මහ නගර සභාවට අයත්ව තිබුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්