fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

MCC ක්‍රිකට් සමාජ කණ්ඩායමට කඩුලු 04ක ජයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:52

එම්සීසී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ තරග 04කින් යුත් පාකිස්තාන තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරිමට එම්සීසී කණ්ඩායම සමත් වුණා.

ඒ ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. ලාහෝර්හි ගඩාෆි ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ එම්සීසී ක්‍රිඩා සමාජ කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළා.

ලාහෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවි ලකුණු 135ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ එම්සීසී කණ්ඩායම පන්දුවාර  19යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

නායක කුමාර් සංගක්කාර ලකුණු 25යි. මාරිලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම මෙවර පාකිස්තාන තරග සංචාරයේ සහභාගි වන දෙවන තරගය එක්දින තරගයක් ලෙස හෙට පාකිස්තාන් ෂහෙන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්