fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලියා හදවතේ තියාගෙන හදවතින් ඉදිරියට යනවා – හදවතින්ම අලි,වෙනත් හදවතක් අවශ්‍ය නෑ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:52

එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයින් විවිධ අදහස් පළකළා.

අපි හදවතින්ම අලියා තමයි. අලියා ඉස්සරහට දාගෙන වැට කඩුළු බඳිනවනම් අලියා හදවතේ තියාගෙන අපිට හදවතින් හරි ඉදිරියට යන්න සිදුවන බව පා.ම. බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

පා.ම. මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටින්නේ  “අපි හදවතින්ම අලින් ඒ නිසා ආයෙ වෙනත් හදවතක් අවශ්‍ය නෑ… එක්සත් ජාතික පක්ෂය ඉන්න සියලු දෙනාම අලිය විදියට ඉස්සරහට යනවා”  බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා සියලු පරිහානීය ධර්ම පෙන්නුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කළුතර වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පැවති පක්ෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්