fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන T20 තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් එංගලන්තයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 13:17

දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඩර්බන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 204ක් රැස් කළා. බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 47යි.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 202ක් පමණයි. නායක ක්වෙන්ටන් ඩීකොක් පන්දු 22කින් ලකුණු 65ක් ලබා ගත්තා.

ඔහු සිය අර්ධ ශතකය පන්දු 17කින් ලබා ගත් අතර එය දකුණු අප්‍රිකා වෙනුවෙන් පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකයයි. දෙරට අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි විස්ස තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයේ පසුවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 13:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්