මාරාන්තික නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 1523 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ හුබෙයි පළාතේ පමණක් 1519 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගතවූ පැය 24 තුළ කොව්ඩ් නයින්ටීන් වෛරසය වැළදීමෙන් මිය ගිය සංඛ්‍යාව 143 ක්. එමෙන්ම ගතවූ පැය 24 තුළ වෛරසය වැළදුනු රෝගීන් 2641 දෙනෙකු ද වාර්තා වුණා. ඒ අනුව මේ වන විට කොව්ඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වූ ගණන 66,492 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය කිරිම සදහා දායක වූ චීන සෞඛ්‍ය අංශයේ නිලධාරීන් හය දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන රජය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කිරිමට කටයුතු කර තිබෙනවා. ඒ සදහා රටවල් කිහිපයක ජාත්‍යන්තර නිලධාරීන් දොළොස් දෙනෙකු සහ චීන බලධාරීන් දොළොස් දෙනෙකු එක්වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ නවතා දැමූ විද්‍යා සහ තාක්ෂණික ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කර ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.