fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ටාක්ටිකා මහද්වීපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 10:41

ඇන්ටාක්ටිකා මහද්වීපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය නව වනදා සෙල්සියස් අංශක විස්සයි දශම හතයි පහක් ලෙස සටහන් වූ අතර එවැනි උෂ්ණත්වයක් ඇන්ටාක්ටිකා මහද්වීපයේ මීට පෙර වාර්තා නොවූ බවයි බ්‍රසීල විද්‍යාඥ කාලෝස් ෂෙෆර් සදහන් කළේ.

මෙම උෂ්ණත්වය සටහන් වුණේ ඇන්ටාක්ටිකාවේ උතුරුදිග කෙළවර පිහිටි සේමෝර් දිවයිනෙන්. එහි ආර්ජන්ටිනා පර්යේෂණ මධ්‍යස්ථානයක් ද පිහිටා තිබෙනවා. ඇන්ටාක්ටිකාවෙන් මීට පෙර වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක දහනවයක්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2020 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්