fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් පිළට රනිල් පිළෙන් රතු එළියක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:33

සජිත් පිළට රනිල් පිළෙන් රතු එළියක්

පක්‍ෂ ව්‍යවස්ථාවට පිටින් ගොස් විවිධ සන්ධානවල තනතුරු හා සාමාජිකත්වය ගන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. එසේ වුවහොත් මන්ත්‍රී ධුර පවා අහිමි විය හැකි බවයි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ.

නායකත්ව අර්බුදය දුරදිග ගොස් ලාංඡනය පිළිබඳ ගැටලුවකට එක්සත් ජාතික පක්‍ෂය අද මුහුණ දී සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය අලියා ලකුණ වෙනුවෙනුත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය හදවත ලකුණ වෙනුවෙනුත් පෙනී සිටීම හේතුවෙනුයි මෙම ගැටලුව උද්ගතව පවතින්නේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට ආසන සංවිධායකවරුන් ද එක්ව සිටියා.

එහෙත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියාසිටියේ ඉහත සාකච්ඡාව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා හෝ පක්‍ෂයේ දැනුවත් වීමකින් තොරව සිදුවූවක් බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පත් කළ 10 දෙනෙකුගෙන් යුත් කමිටුව මතුව ඇති ගැටලුව පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අද පස්වරුවේ රැස්වුණා. ඒ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්