fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“දෙසතිය” පුවත් සඟරාවට වසර 42 ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:11

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වූ දෙසතිය පුවත් සඟරාව එළි දක්වා වසර 42 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙරට පාඨකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සඟරාවක් හඳුන්වා දීමේ අරමුණින් දෙසතිය පුවත් සඟරාව ආරම්භ කෙරුණේ 1978 වසරේ පෙබරවාරි 4 වනදායි. ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම මහතා මේ සඳහා පුරෝගාමීව කටයුතු කළා.

තරුණ පරපුරට පිදෙන බුද්ධිමය තිළිණයක් ලෙස දෙසතිය ජාතියට දායාද කළ අතර එය අතිශයින් ජනප්‍රිය සඟරාවක් බවට පත්වුණා. එහි 42 වන සැමරුම් උත්සවය පැවැත්වුණේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන හා හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද එම කාර්ය මණ්ඩලය ද ඊට එක්ව සිටියා. දෙසතිය සඟරාවේ සංස්කාරකවරුන් ලෙස කටයුතු කළ පිරිසට සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදුවුණා. මෙම සඟරාව දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවලින් හා පුවත්පත් නියෝජිතයන්ගෙන් ලබා ගැනිමේ පහසුකම් පවතිනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්