රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ගුරු මාරු කටයුතු සදහා ඇප් එකක් අත්හදා බැලූ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කාලය නාස්ති කිරීමකින් තොරව මෙමගින් එම කටයුතු සිදු කර ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මතුගම ශාන්ත මේරි විදුහලේ විදුහල්පතිනි චන්දිමා ප්‍රියදර්ශනී මෙනවිය 2019 වසරේ හොදම රාජ්‍ය නිලධාරිනිය ලෙස තේරී පත්වීම වෙනුවෙන් පැවැත්වූ උපහාර උළෙලට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළා.
විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Mj9Chm6cQ-U”]