fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාන්කුලම රෝහල් භූමියේදී හමුවූ අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බව හෙලිවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:54

මාන්කුලම රෝහල් භූමියේදී හමුවූ අස්ථි කොටස් වසර 20 කට වඩා පැරණි බව හෙලිව තිබෙනවා.

ඒ මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් මත කිලිනොච්චිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා එම ස්ථානයේ කළ පරීක්ෂාවකින්. මාන්කුලම රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කැනීම් සිදුකිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමුව තිබෙනවා.

පුරාවිද්‍යා නිලධාරීන් බෝම්බ නිෂ්කී‍්‍රය අංශ නිලධාරීන් සහ පොලීසිය ද කැනීම් සඳහා දායකත්වය ලබාදී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්