fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයෙන් ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 15:29

ඇමෙරිකාව හා ඊශ්‍රායලය, ඉරානයට අනතුරක් සිදු කළ හොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව ඉරානය පවසනවා.

ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානී හුසෙන් සලාම් මේ බව සඳහන් කළේ ඉරාන ප්‍රධාන අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානිගේ අභාවයෙන් 40 වන දිනය සනිටුහන් කරමින් පැවති උත්සවයක් අමතමින්. සොලෙයිමානි කුඩ්ස් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ජනවාරි තුන්වනදා ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී ඔහු ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්