fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතොස වංචාවකට අදාළ ලේඛන හා ඔප්පු වලට සම්බන්ධ ඉඩම රිෂාඩ්ගේ බිරිදට අයත් වූවක් බව CIDය අධිකරණයට දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 15:08

සතොස ආයතනයේ සිදුවූයේ යැයි කියන වංචාවකට අදාළ ලේඛන හා ඔප්පු වලට සම්බන්ධ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදට අයත් වූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) දැනුම් දුන්නා.

මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද වන එම් එම් අයීෂා යන අයගෙන් ඉදිරි සතිය තුළ ප්‍රකාශයක් සටහන්කර ගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සදහන් කළේ. අදාළ ඉඩමේ සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඩ් ඉම්රාන් නමැති සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. *

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්