පස්වරුවේදී ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර පලාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික් ඊට ඇතුලත්. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුලං සහ අකුණුද හටගැනීමේ අවදානමක් පවතිනවා.