fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්ලාස්ටික්, පොලිතින් වෙනුවට විකල්ප භාණ්ඩ නිශ්පාදනයේ නිරත වූවන් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:44

ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විකල්ප භාණ්ඩ නිශ්පාදනයේ නිරත වූවන් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.

ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදන අවම කිරීම රජයේ අරමුණයි. ඒ වෙනුවට පරිසර හිතකාමී විකල්ප නිශ්පාදන කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. එම නිශ්පාදකයන් දිරි ගැන්වීම සදහා ද වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි. ඒ අනුවයි අදාළ නිශ්පාදකයන් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන්නේ.

එම නිශ්පාදන සදහා වෙළෙදපොල සපයා දීම ඇතුළු පහසුකම් සපයා දීම රජයේ අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා තවදුරටත් ප්‍රකාශ කළේ. පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකලා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්