fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂ නායක සහ එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:20

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී වත්මන් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා. නායකත්වය, නව සන්ධානයේ මහලේකම් ධුරය  ආදී ගැටළු රැසක් එජාපය තුළ නිර්මානය වී අවසන්. අද වන විට ඉදිරි මහමැතිවරණය සදහා ඉදිරිපත් වන ලකුණ පිළිබද දැඩි මත භේද හටගෙන තිබෙනවා. නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසදුම් සෙවීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබුණා. දෙපාර්ශවයෙන්ම සාමාජිකයන් 05 දෙනා බැගින් කමිටුවට නම් කිරීමටද එහිදී එකඟත්වය පල වී තිබෙනවා.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා කියා සිටියේ අලියා ලකුණෙන් තොරව වෙනත් කිසිදු ලකුණකින් තමන් තරග නොකරන බවයි.

එජාප අර්බුදය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්