fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්හඬට ගුවන්විදුලි රාජ්‍ය සම්මාන රැසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 11:44

ප්‍රශස්තම ගුවන්විදුලි කලාවක් බිහිකළ යුතු බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ දී ද ලක්හඬ සහ වසන්තම් එෆ්එම් නාලිකා විශේෂ ඇගයීමට ලක්වුණා.

මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ මරදාන එල්ෆිනිස්ටන් රගහලේදීයි. ලක්හඩ සහකාර කළමනාකාරිනී මයුරි ලියනගේ මෙහිදී හොඳම ගුවන්විදුලි විචිත්‍රාංග වැඩසටහන වෙනුවෙන් සම්මාන ලැබුවා. ඒ රේඛාවේ යුගාන්තය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමරු වැඩසටහන වෙනුවෙන්.

හොඳම ගුවන්විදුලි මැදිරි සම්බන්ධතා නිවේදිකාව ලෙස ලක්හඩ ගුවන්විදුලියේ මොනිකා සේරසිංහට ගුවන්විදුලි රාජ්‍ය සම්මාන හිමිවුණා. හොඳම සාකච්ඡාමය වැඩසටහන සදහා වූ රාජ්‍ය සම්මානය හිමිවුණේ ප්‍රේමසිරි ගම්බුදවත්ත නිෂ්පාදනය කළ ලක්හඩ ගුවන්විදුලියේ හීන්සැරය වැඩසටහනටයි. විධායක සන්නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර නිෂ්පාදනය කර ඉදිරිපත් කළ හැගුම් වර්ෂාව හොදම සංගීතමය වැඩසටහන් අතරට නිර්දේශ වුණා. හොදම පූර්ව නිවේදන කණ්ඩයට හිමි ගුවන්විදුලි රාජ්‍ය සම්මානය වෙනුවෙන් ලක්හඩ සන්නිවේදිකා වෙනුරි ගින්නලිය නිර්මාණය කළ නිව්ස් මෝර්නිං පූර්ව නිවේදනය නිර්දේශ වුණා. රළුපාර සදහා උදම් සතරසිංහ හොදම ගවේෂණාත්මක වැඩසටහන සදහා වූ ගුවන්විදුලි රාජ්‍ය සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට එක්වුණා.

මේ අතර වසන්තම් එෆ්එම් හි මොහොමඩ් අස්කර් හොදම දෙමළ ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මාන හිමිකර ගත්තා. හොදම දෙමළ ප්‍රවෘත්ති සංස්කරණය සදහා වන සම්මානය වෙනුවෙන් වසන්තම් එෆ්එම් හි උදයශාන්ති වෙලින්ටන් නිර්දේශ වුණා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උළෙලට ආරාධිතයන් රැසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්