කුවේට් ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිරි හැරවලට ලක්වූ කාන්තාවන් 45 දෙනෙකු දිවයිනට
Related Articles
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිරි හැරවලට ලක්වූ කාන්තාවන් 45 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.
පසුගිය වසර දෙක තුළ කුවේටයේ රැකියා සඳහා ගිය කාන්තාවන් පිරිසකුයි මෙසේ පැමිණියේ. වැටුප් නොලබා විවිධ හිංසාවන්ට ලක්ව සිටි මෙම පිරිස කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටියා. දිවයිනට ගෙන්වා ගත් මෙම කාන්තාවන්ට සිය නිවෙස්බලා යාමට අවශ්‍ය බස් ගාස්තු ලබා දීම සිදුකළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.
මේ අතර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි කාටන් 454 ක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැනුනා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 45 කට අධික බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ.