බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්විමට නියමිත එක්දින සහ පන්දුවාර 20-20 ක්රිකට් තරගාවලිය සඳහා වන 20 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා මූලික සංචිතය නම් කර තිබෙනවා.
සුපුරුදු පරිදි එක්දින සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නටත් ,20-20 නායකත්නය ලසිත් මාලිංගටත් හිමිව ඇති බව සඳහන්. මාස 07කට පසු තිසර පෙරේරා ද මූලික සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. මෙම විසිදෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ඉදිරියේදී 15 දෙනෙකු දක්වා අවම කිරීමට නියමිතයි.
මේ අතර ලබන 17වනදා පීසරා ඕවල් ක්රිඩාංගනයේදී දෙරට අතර පැවැත්වෙන පළමු පුහුණු එක්දින තරගයේදී ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබෙනවා. 20 වනදා කටුනායකදී පැවැත්වෙන දෙවන පුහුණු තරගයේ නායකත්වය හිමිව ඇත්තේ ළහිරු තිරිමාන්නටයි. දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 22වනදා කොළඹ එස්එස්සී ක්රීඩාංගනයේදී ආරම්භ වනවා.