fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියතලාව හමුදා කඳවුරේ රඳවා සිටින 33 දෙනා සිය නිවෙස් වෙත යැවීමට සූදානම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 08:45

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් දියතලාව හමුදා කඳවුරේ රඳවා සිටින 33 දෙනා අද නිවෙස් වෙත යොමුකරන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා.

ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ පසුගිය පළමුවනදායි. එදින සිට අද දක්වා දින 14 ක කාලයක් කොරෝනා වෛරසයට අදාළ කිසිඳු ලක්ෂණයක් මෙම පිරිස අතරින් වාර්තාවී නැහැ. ඒ අනුව නිරෝධායනය සාර්ථකව සිදුකෙරුණු බවයි හමුදාව පවසන්නේ. එම පිරිස යළි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව බොහෝ දුරට අද දිනයේම ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට හැකිවනු ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

මේ අතර අප බදුල්ල වාර්තාකරුවන් පවසන්නනේ දියතලාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස කොළඹට රැගෙන ඒමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2020 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්