තරගකාරී විභාග මුල්කරගත් අධ්‍යාපන ක්‍රමය ළමා පරපුරේ අයිතීන් උදුරාගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙලිසෙල්ලම වෙනුවට පෞද්ගලික පන්ති දෙමව්පියන් දරුවන්ට උරුම කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙරට බුද්ධශාසනය මුහුණපා ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේ ඊට එක්ව සිටියා. ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීමෙන් දහම් අධ්‍යාපනයට අවස්ථාව අහිමිවන බවයි භික්ෂූන් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී එකගත්වය පළකළා. තම දරුවන් දහම් පාසල්වලට යොමු කිරීම දෙමව්පියන්ගේ ද වගකීම බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_maOQXYdIRc”]