fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

COVID-19 මර්දන ක්‍රියාමාර්ග අසාර්ථක වුණොත් ලෝක ජනගහනයෙන් 60%කට ආසාදනයවීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 19:29

COVID – 19 වෛරසය පාලනයට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අසාර්ථක වුවහොත් ලෝක ජනගහනයෙන් සියයට හැටකට වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව හොංකොං වෛද්‍ය ප්‍රධානියා අනතුරු අගවනවා. වෛරසය මේ වනවිට ලොවටම අභියෝගයක් වී තිබෙනවා.

වෛරසය ආසාධනය වූ පුද්ගලයෙකු ලන්ඩන් නුවරින් ද හමුවුණා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ආසාධිතයින්ගේ සංඛ්‍යාව නවයක් දක්වා ඉහළ ගියා. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය වූවෙකු ඉන්දුනීසියාවේ බාලි දූපතෙන් හමුවීමත් සමග ලෝක සංචාරක ක්ෂේත්‍රයට එල්ලවී ඇත්තේ දැඩි අවදානම් සහගත තත්ත්වයක්. හොංකොං හා මැකාවු හි සිටින තම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් වහාම ඉවත්කර ඒ වෙනුවට වෙනත් පිරිසක් පත් කිරීම සදහා චීනය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම වූහාන් පළාතේ කොමියුනිස්ට් පක්ෂ නායකයා ද එම තනතුරෙන් ඉවත් කිරීමට චීනය ක්‍රියා කළ බවයි වාර්තා වන්නේ. එම පළාතේ නිරෝධායන කටයුතු තවමත් සිදුකෙරෙමින් පවතිනවා. මේ සදහා පළාත් රැසකින්ම සෞඛ්‍ය නිලධාරීන් වූහාන් පළාතට කැදවා තිබෙනවා. වෛරසය පැතිරයාම පාලනය සදහා යෙන් බිලියන තුනකට අධික මුදලක් වෙන් කිරීමට ජපාන කැබිනට් මණ්ඩලය තීන්දු කළා. චීනයේ මතුව ඇති මෙම තත්ත්වය හමුවේ වසර දහයකට පසු ජාත්‍යන්තර වෙළෙදපොලේ බොරතෙල් මිල පහතගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධිත වූවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ දේවමෙහෙයක් පැවැත්වූවා.

වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට රැගෙන ආ තිස්තුන් දෙනා නිරෝධායන කටයුතුවලින් පසු මේ සතිඅන්තයේ දී නිවෙස් බලා පිටත්කර හැරීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප ප්‍රවෘත්ති අංශයට කියාසිටියා.

වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයින් අට දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. එහෙත් මේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo