fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලන සමයේ ගෙන්වන ලද ලක්ෂ විසිඅටදහසක වාහන ගැන රහස් පොලීසියට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 19:13

පසුගිය රජය සමයේ ගෙන්වන ලද රුපියල් ලක්ෂ විසිඅටදහසක වාහන සම්බන්ධයෙන් පැමිණිල්ලක් රහස් පොලීසිය වෙත අද ඉදිරිපත් කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි එම පැමිණිල්ල සිදුකළේ.

2015 ජනවාරි 08 වනදා සිට 2019 නොවැම්බර් 30 දක්වා කාලය තුළ අධික වටිනාකමකින් යුතු අධිසුඛෝපභෝගී වාහන 78 ක් ගෙන්වා ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිකෙරුණා. ඒ අතරින් වැඩිම වාහන සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ 2016 සහ 2017 වසරවල අමාත්‍ය ධුර දරූ පිරිස බවටයි හෙළි වුණේ.

කැබිනට් අමාත්‍යවරුන් සදහා රුපියල් බිලියන 1.65 ක් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සදහා   රුපියල් මිලියන 652 ක් නියෝජ්‍ය අමාත්‍යවරුන් මිලදී ගත් වාහන සදහා රුපියල් මිලියන 564 ක් වශයෙන් වැය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ගිණුමට ඇමෙරිකා ඩොලර් ලක්ෂයක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක්  එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශයක මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට අද භාර දුන්නා. පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.අමාත්‍ය විමල් වීරවංශ මහතා ද මේ පිළිබදව අදහස් පළකළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්