මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සාදික් හා සාහික් නමැත්තන් 2015 වසරේ සිටම අන්තවාදී ක්‍රියා සිදුකරමින් සිටි බව ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංවිධානයේ සභාපති වරයෙකු වන මොහොමඩ් සාදික් මොහොමඩ් මුස්තාක් නමැත්තා පැවසුවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී සාක්ෂි ලබා දෙමින්.
කොමිසමේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතීඥවරිය මොහොමඩ් සාදික් ගෙන් විමසා සිටියේ ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංවිධානයට එක්වුයේ කවදාද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් ඔහු සදහන් කළේ 2013 සහ 2014 යන කාල වකවානුවේදී තමන් එම සංවිධානය සමග එක්වූ බවයි. අනතුරුව එහිදී ආගම පිළිබදව විවිධ පාඨමාලා හැදෑරු බව ද ඔහු පැවසුවා. එම සංවිධානයේ දේශන පවත්වන්නේ කවුරුන්දැයි කොමිසම නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් මොහොමඩ් සාදික් සදහන් කළේ තවුෆික් නමැත්තෙකු 2019 වසරේදී දේශන පැවැත්වු බවයි. නමුත් කිසිවෙකු මවුලවිවරුන් නොවන බවද ඔහු සදහන් කළා. අනතුරුව 2019 වසරේදී තමන් කෑගල්ල සම්බන්ධීකාරක බවට පත්වූ බවත් ඉන් අනතුරුව තමන්ද නිවෙස් වලට ගොස් ආගම පිළිබදව දේශන සහ පන්ති පැවැත්වූ බවත් ඔහු පැවසුවා. සාදික් සහ සාහික් නමැත්තන් තමන්ට හමුවී නැතිදැයි කොමිසම විමසූ අවස්ථාවේ දී මොහොමඩ් සාදික් නමැත්තා සදහන් කළේ එක් වතාවක් ඉහත නම් සදහන් පුද්ගලයින් දෙදෙනා තමන්ට හමුවී ඇති බවයි. සහරාන් හෂීම් තමන්ට යම් දිනෙක දී හමුවී තිබෙනවා ද යන්න කොමිසම ඔහුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදුන් මොහොමඩ් සාදික් සදහන් කළේ සහරාන් හෂීම් තමන්ට කිසි දිනෙක හමුවී නැති බවයි. සාදික් සහ සාහික් ජමාතේ ඉස්ලාමික් ශිෂ්‍ය සංගමයෙන් ඉවත් කළේ ඇයි දැයි කොමිසම විමසුවා. එහිදී මොහොමඩ් සාදික් සදහන් කළේ 2015 වසරේ සිට මොවුන් දෙදෙනා විවිධ අන්තවාදී ක්‍රියාවන් සිදුකර ඇති බවත් ඒවා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ ඉගැන්වීම්වලට පටහැනි වීම හේතුවෙන් මොවුන් ද එම සංවිධානයෙන් ඉවත්කළ බවයි.