fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලියා ද ? හදවත ද ? එජාපය වැටඋඩ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 17:59

අලියා ද ? හදවත ද ? එජාපය වැටඋඩ

අලියා හැර වෙනත් කිසිදු ලකුණකින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව  එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. ලකුණ මාරු කරහොත් දැනට ඇති ඡන්දත් නැති වන බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. එහෙත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළේ හදවත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විටත් තම කණ්ඩායම සැළසුම් කොට ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුධය දිනෙන් දින උත්සන්න වෙමින් පවතිනවා. නායකත්වය, නව සන්ධානයේ මහලේකම් ධුරය  ආදී ගැටළු රැසක් එජාපය තුළ නිර්මානය වී අවසන්. අද වන විට ඉදිරි මහමැතිවරණය සදහා ඉදිරිපත් වන ලකුණ පිලිබද දැඩි මත භේද හටගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මේ පිලිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ලකුණ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධයට විසදුම් සෙවීම සදහා විශේෂ කමිටුවක්ද පත් කිරීමට එහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ. දෙපාර්ශවයෙන්ම සාමාජිකයන් 05 දෙනා බැගින් කමිටුවට නම් කිරීමටද එහිදී එකඟත්වය පල වී තිබෙනවා.හෙට දිනයේ කැදවා ඇති කෘත්‍යාධිකාරී රැස්වීමද කල් දැමීමට මෙම සාකච්ඡාවේදී තීන්දු කෙරුණා. එය ලබන සදුදා පැවැත්වීමට සැළසුම් කළත් තවමත් පැවැත්වෙන වේලාවක් පිලිබද අවසන් තීන්දුවක් ගෙන නැහැ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු ආසන සංවිධායකවරුන්  විශේෂ සාකච්ඡාවක් සදහා හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට කැදවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට තිබෙනවා. එකඟතාවයන් පිලිබද සාකච්ඡා වුවත් පක්ෂ අර්බුදය පිලිබද සිරිකොත සහ විපක්ෂනායක කාර්යලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී පල වන්නේ මෙවැනි පරස්පර අදහස්.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2020 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්