මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායක මහතා හා වැඩතහනමට ලක්ව සිටින ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර ඇතිවූ දුරකතන සංවාද සම්බන්ධයෙන් වූ නඩුව නුගේගොඩ අතිරේක මහේස්ත්රාත් එච් යූ කේ පැල්පොල මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීටම වරෙන්තුවක් ලබා ගැනීමට සූදානමක් නොමැති බවයි. එමෙන්ම විනිසුරුවරයාට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට නීති උපදෙස් ලැබී නැති බව ද ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ ප්රකාශ කළා.
සිද්ධිය සම්බන්ධ නඩුව ලබන 26 වනදා යළි කැදවීමට නුගේගොඩ අතිරේක මහේස්ත්රාත්වරයා නියෝග කළා. කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දෙන උපදෙස් අනුව වැඩබලන පොලිස්පතිවරයා මේ දක්වා ක්රියාත්මක නොවීම බරපතල කරුණක් බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ අධිකරණයට දැනුම් දුන්නා. රන්ජන් රාමනායක මහතා හා ගිහාන් පිලපිටිය මහතා අතර ඇතිවූ දුරකතන සංවාද 12ක පිටපත් තමන්වෙත ලබා දෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණා.
මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට සහාය පළකරමින් ඇඹිලිපිටිය මහාධිකරණයේ හා මහේස්ත්රාත් අධිකරණයේ නීතීඥවරුන් අද විරෝධතාවක නිරතවුණා. අධිකරණ පරිශ්රයේ සිට පාගමනින් ඇඹිලිපිටිය බස් නැවතුම්පොල දක්වා පැමිණීමෙන් අනතුරුවයි ඔවුන් මෙම විරෝධතාවට එක්වුණේ.